ආශ්චර්යයේ දියණියෝ

SLIIT එකට ගිය පළමු දවස ගැන කුරුල්ලාගේ සටහන මතක ඇතැයි සිතමි. මතක නැත්නම් මෙතනින් බලාගන්න. එදා දවස ගැන නම් එතනින් එහාට මෙහි පළකිරීමට නොහැක. මන්ද අවුරුදු 3ට වැඩි ඕනෑම කෙනෙකුට අන්තර්ජාලය භාවිත කිරීමේ අයිතිවාසිකමක් ඇත්තේය. ඉඳින් ඒවා මෙහි පළ කිරීමට නොහැක.
කාලයත් සමඟ “එස් ඇල් අයියයි ටී“ ය කෙමෙන් කෙමෙන් මට පුරුදු ඉස්ථානයක් බවට පත් විය. කොමන් රූම් මට කොහොමත් කොමන් ය. මන්ද දවසේ වැඩි හරියක් ගතවන්නේ එහි ය. අපේ සැට් එකේ කිරිල්ලියන් කිහිප දෙනාට ද ලෙක්චර්ස් කප්පාදු කිරීම සිම්පල් කේස් ය. ඒ නිසා ඔවුන්ට ද කොමන් රූම් කොමන් ය. ඉඳින් මට ද කොමන් ඒරියාවෙන් යන්නට සිත දෙන්නේම නැත. මේ කිරිල්ලියන් අතරේ ඇහැට මෙන්ම කනට ද පේන කිරිල්ලියන් කිහිප දෙනෙකුම සිටින්නේ ය. ඒ අතරින් රූබර සුකුමාල මට සිළුටු දෙමළිච්චියක් උන්නා ය. ඇයට සිංහල නම් ලොවෙත් බැරි ය.ඒත් කඩ්ඩ නම් දෙපැත්තම කැපේ. මගේ මොට කඩ්ඩෙන් සටනට ගියොත් කපාගන්න වෙන නිසා මම යුද්ධයට නොගියා ය.
ඇය ගැන විශේෂයෙන් කීවේ එක් හේතුවක් නිසා ය. ඈ ඇවිදින විට තම පශ්චාත් භාගයට ( එහෙත් එය භාගයක් නොව අම්බානක රබානක් වැනි සම්පූර්ණ එකකි ) තම පශ්චාත් පෙදෙසට අත තබාගෙන ඇවිදීම ඇයගේ සිරිතකි. මුල් දවසේ නම් මා සිතුවේ දවල්ට වැඩිපුර කා පශ්චාත් භාගය බර වී ඇතැයි කියා ය. එහෙත් ඇය හැමවිටම එසේ ය. ඒ මදිවට ඇවිදින්නේ ද රුවිතයට ය. එනම් ඈ අඩියක් තබා අනෙක් අඩිය තබන්නේ ඉදිරියෙන් නොව, අංශක විසි තුනහමාරක් ඇදේට ය. ඒ නිසා ඇය ඇවිදිනු දකින විට මට පෘතුවිය ආනතව පිහිටන බව නිරායාසයෙන්ම මතකයට නැගේ. මාගේ තීක්ෂණ නුවන අනුව නම් ඇය එසේ ඇවිදින්නේ ඇයගේ ගාත් අතර කුමන හෝ තියුනු යමක් සිරවී ඇති නිසා විය යුතුය. බොහෝ විට එය වෙරළු ඇටයක් විය හැක.
අද කාලේ බොහෝ කිරිල්ලියන් ඇවිදින්නේ එක එක ඉස්ටයිල් වලට ය. පාසල් කාලයේ අපගේ සහෝදර පාසලේ කිරිල්ලියකට අපි කිව්වේ “මෝල් ගස්” කියා ය. ඇය ඇවිද්දේ ඒතරමට කෙලින් ය. මොන්ටිසෝරි කාලයේ අපේ පොඩි මිස් (අවුරුදු 20 ක විතර මට සිළුටු කාන්තාවකි) මොන්ටිසෝරිය හමාර වන්නට ආසන්න වන විටදී ඇවිද්දේ ද හරි කෙලින් ය. ඒ දවස් වල නම් සිතුනේ ඇය අපිට සීරුවෙන් ඉන්නා හැටි කරලාම පෙන්නනවා කියා ය. ඒත් අසල තිබූ බාලක පාසලේ ඉන්ටවල් දෙන්නේ ඒ වෙලාවට බව තේරුම් ගැනීමට මට වැඩි කාලයක් ගියේ නැත. මා තැම්බීමට ඇයට බැරිය. මා පොඩි කාලයේ සිටම ඇම්ඩා ය. ඕනම ළමයෙක් මුලින්ම කියවන වචනය අම්මා ය. ඒත් මා මුලින් ම කියා ඇත්තේ “ඇම්ඩා” කියා ය. අම්මා අපේ අයියාට ඒ බව කියා ඇත. අයියා කිවුවාට ඌ අක්කා වගේ ය. කිරිල්ලික් එක්ක කථාකරන විට ඔහු අම්බානකට ඇඹරෙන්නේය. අල්ලපු ගෙදර අක්කාවත් ඌ තරම් ඇඹරෙන්නේ නැත. වැරදිලාවත් කෙල්ලෙක් අතින්වත් ඇල්ලුවොත් මුගේ කොඳු නාරටියේ පොට යනු ඇත. අඩුම තරමේ ඌට මූණුපොතේ පිටුවක්වත් නැත. ඌගේ නමින් ඉන්නේද මම ය. මගේ තියන දහ ජරා වැඩ ඔක්කොම මම කරන්නේ උගේ නමින් ය. ඒත් ඌ දන්නේවත් නැත.දවසක් මම උගේ නමින් කෙල්ලෙකුට චැටක් දැම්මා ය. මුලින් පොර ටොක් දමා පස්සේ ලව් ටෝක් දමා අන්තිමේ උම්මා එකකුත් දුන්නාය. මට ෆුල් සැටිස් ය. ඒත් උම්මා එකට මට ලැබුනේ “හොඳ වයින් හතරකි”. “***** ****** *** ****” ය. අප්පට සිරි විය. කිරිල්ලියෝ මේ තරම් සක්කිලි කථා කියනවා මා අසා ඇත්තේම නැත. ඊයා ඈක්කා කක්කා තූ ය. දැන් කාලයේ හැදෙන කිරිල්ලියෝ ඒ තරම් හොඳ ය. මම නරක බව ඇත්තය. ඒත් හැම කුරුල්ලාම මම වගේ නැත.
දවසක් මා බසයේ යන විට සිදුවීමක් මගේ මෙමරි පොජ්ජට මං ගැච්චුවේ ය. මා උදේ මොරටුවේ සිට SLIIT යාමට බසයේ අසුන් ගෙන සිටියා ය. ගල්කිස්සෙන් කිරිල්ලියන් තිදෙනෙක් මා සිටි බසයට නැංඟෝ ය. ඔවුන් තිදෙනාම පුෂ් වෙන තරම් පොෂ් ය. ඒ අතර සිටි කොණ්ඩය තරමක් මළකඩ කා තිබුනු කිරිල්ලියක් කොන්දාගෙන් ටිකට් ඉල්ලුවේ මෙසේ ය.
“බම්බා දෙකයි කොල්ලා එකයි”
බම්බලපිටියට “බම්බා” කියා සාමාන්ය යෙන් කිය යි. ඒත් මැය “කොල්ලා” කිව්වේ කොල්ලුපිටියට ය.
“කොල්ලෝ එකක් නෙවෙයි දෙකක් හිටියත් කමක් නෑ නංගී, බහින තැන හරියට කියන්න”
කොන්දා ඇඟට පතට නොදැනී කිව්වේ කුපාඩි හිනාවක් ද දාන ගමන් ය. ඒ කථාවට බසයේ අය හිනා වෙන අතරේ කවුළුවෙන් එළිය බැලූ මා දුටු වේ ලයිට් කනුවක් කනුවක් ගානේ එල්ලී සිටින “ආශ්චර්යයේ දියණියෝ”ය. ඊයා ඈක්කා කක්කා තූ ය.

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s